76 views 5 secs 0 comments

අපොස සා. පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ…

In Local News
February 17, 2025

2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (17) රාත්‍රී නිකුත් කර තිබේ.

එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය.

විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අමතන්න ලෙස ඉල්ලීමක් කර සිටී.

ක්ෂණික ඇමතුම් අංකය :- 1911

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව :- 0112784208, 0112784537, 0112785922

ෆැක්ස් අංකය :- 0112784422