Home > Articles posted by Admin (Page 71)
FEATURE
on Sep 4, 2024
138 views 0 secs

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේ කඩයිම් ලකුණු ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ප්‍රකාශ කර සිටියා.මේ වනවිට එම අදියරේ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බව එහි උපසභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කර සිටියා. මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 45000කට අධිකයි.

FEATURE
on Sep 3, 2024
142 views 5 secs

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 (2024) නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (03) නිකුත් කර තිබේ. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය. ක්ෂණික දුරකථන අංක 1911 හෝ 0112 784 208 – 0112 784 537 – 0112 785 […]

FEATURE
on Sep 3, 2024
134 views 0 secs

අද (03) කරුණාරත්න පරණවිතාන මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව පසුගිය අගෝස්තු 21 වනදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ධූරයෙන් ඉවත් වීමත් සමඟ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්විය 2020 අගෝස්තු මාසයේ පැවති […]

FEATURE
on Sep 3, 2024
138 views 1 sec

රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලද පුද පඬුරු මගින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීම අද (03) සිදුකෙරුණි. මෙම ඉදිකිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ‘හුස්ම’ ව්‍යාපෘතිය යටතේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මාස 10ක කාලයක් තුළ නිම කර ඇත. මෙම වාට්ටු සංකීර්ණය සඳහා වියදම් වී ඇති මුදල දල වශයෙන් රුපියල් මිලියන 160කි වන […]

FEATURE
on Sep 3, 2024
137 views 2 secs

2025 වසරේ ජනවාරි මස 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව එම කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු කමිටු සාමාජිකයින් විසින් අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබීය.ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය […]

FEATURE
on Sep 3, 2024
145 views 0 secs

ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ. ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, ගොවී ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇත

FEATURE
on Sep 2, 2024
146 views 0 secs

හෙට(03) සහ අනිද්දා(04) යන දෙදින තුළ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාවේදී මෙය තීරණය කළ බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කර සිටි අතර හෙට දින උදෑසන කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති බව වාර්තා වේ.

FEATURE
on Sep 2, 2024
145 views 0 secs

ඉන්ධන මිල අඩු වුව ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා. ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට ප්‍රමාණවත් ඉන්ධන මිල අඩුවීමක් සිදුව නොමැති බවයි එහි සභාපති ශෂී වෙල්ගම මහතා සඳහන් කර සිටියේ. පසුගිය 31 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා සුදු ඩීසල් ලීටරයක මිල […]

FEATURE
on Sep 2, 2024
214 views 5 secs

2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.එම කාලසටහනට අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වේන අතර එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය පැවැත්වේ. එම විභාගය විභාග මධ්‍යස්ථාන 2,649 කදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ. අපේක්ෂකයින්ගේ පැමිණීමේ […]

FEATURE
on Sep 2, 2024
136 views 0 secs

රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.ඒ අනුව 2025 ජනවාරි 01 වනදා සිට රාජ්‍ය‍ සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා […]