ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පත්කර තිබේ. ශ්‍රි ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එම පත් කිරීම කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.
අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තව සුළු වේලාවකින් ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අනුර දිවුරුම් දීමට නියමිත අතර, මේ වනවිට පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ, පක්ෂ කාර්යාලයෙන් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පිටත්ව වූ බව වාර්තා වේ.
2024 ජනාධිපතිවරණයේ දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී ඇති අතර එහි ජයග්‍රහණය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට හිමි ව තිබේ. එහි සමස්ත ප්‍රතිඵල මෙසේය. අනුර කුමාර දිසානායක 5,634,915සජිත් ප්‍රේමදාස 4,363,035රනිල් වික්‍රමසිංහ 2,299,767නාමල් රාජපක්ෂ 342,781 ඒ අනුව ,මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබෙන […]
පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහය දුන් නොදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්ෂිතව වැල් පාළමේ ගෙන ආ බවත් අභිනව ජනාධිපතිවරයා යටතේ එම දරුවා වඩා ආරක්ෂිතව […]
පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ වූ සාකච්ඡා ද අවසන් කරමින් රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට අදාළ සියලු සාකච්ඡා මේ වන විට සාර්ථකව අවසන් කර තිබෙන බවත්, රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වන නිල පිළිගැනීම නුදුරේදීම හිමිවීමත් සමඟ රට ඉදිරියට ගෙන යාමේ වේගවත් සැලැස්ම ක්‍රියාවට නංවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ […]
තරුණ තරුණියන්ට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල උසස් අධ්‍යාපන අවස්ථා මෙරටදීම ලබා ගැනීමට අවස්ථාව සලසමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නව අධ්‍යාපන ආයතන රැසක් ඉදිරියේ දී රට තුළ ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ “Times School of Higher Education” උසස් අධ්‍යාපන පාසල සමාරම්භය වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී ඊයේ (12) […]
2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි නොකළ විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අධ්‍යාපන අමාත්‍යතුමා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා, ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මඟින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කර තිබුණි. එම යෝජනාව සැලකිල්ලට ගෙන, මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500 දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500 දක්වාත් 2025 […]
2025 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මෙතෙක් ලැබී නොමැති බවට පළ වන වාර්තා අසත්‍ය වන අතර, ඊට අවශ්‍ය අනුමැතිය මේ වනවිටත් ලැබී ඇති බැවින් සැලසුම් කළ පරිදි රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීම සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගීතා කුමාරසිංහ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමිත් තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී. වී. චානක යන රාජ්‍ය අමාත්‍යවරුන් එම ධූරවලින් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3) (අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ඉවත් කිරීම සිදු කර ඇත.
ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 132ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. වාර්තා වී ඇති පැමිණිලි අතුරින් පැමිණිලි 131ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බවයි එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී සිටියේ. වෙනත් පැමිණිලි එකක් ද ඊයේ දිනයේ දී වාර්තා වී ඇති බවත් එහි සඳහන් ව තිබේ. මේ අනුව ජුලි මස 31 වැනිදා සිට ඊයේ […]
