99 views 0 secs 0 comments

IOC ඉතිහාසයේ පළමු කාන්තා සභාපති ක්‍රිස්ටි කොවෙන්ට්‍රි…

In World News
March 21, 2025

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) අභිනව සභාපති ලෙස සිම්බාබ්වේ දේශයේ වත්මන් ක්‍රීඩා ඇමති හා එරට හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරියක වන ක්‍රිස්ටි කොවෙන්ට්‍රි තේරීපත්ව තිබේ.

මෙම පත්වීමේ විශේෂතවය නම් 41 හැවිරිදි කොවෙන්ට්‍රි, වසර 130ක ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ඉතිහාසය තුළ සභාපති තනතුරට තේරීපත් වූ පළමු කාන්තාව වීමයි.

එපමණක් නොව ඇය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 10වන සභාපති, එම තනතුරට පත් පළමු අප්‍රිකානු ජාතිකයා මෙන්ම එම තනතුරට පත් වූ ළාබාලම තැනැත්තා වැනි ගෞරවයන් රැසකටද ඇය හිමිකම් කියයි.

ඉදිරි කාලය වෙනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලවරණය අද (20) ග්‍රීසියේදී පැවැත් වූ අතර එහිදී ඇය පළමු වටයේදීම බහුතර ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගනිමින් මෙම ධුරයට පත්වීම විශේෂත්වයක්ය.

අභිනව සභාපතිනිය එළැඹෙන ජුනි මාසයේදී සිය ධුරයේ වගකීම් නිල වශයෙන් භාරගැනීමට නියමිත අතර, ඇය අවම වශයෙන් ඉදිරි වසර 8 ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ලෙසින් කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.