Connect with us

Uncategorized

යුරෝපා සංගමයේ නියෝජිතයින් හා අමාත්‍ය විජිත හේරත් අතර සාකච්ඡාවක්…

Published

on

මෙරට සංචාරයක නිරතව සිටින යුරෝපා සංගමයේ නියෝජිතයින් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් අද (30) පැවැත්විණි. මෙම සාකච්ඡාවේ දී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහාය පිළිබඳව අමාත්‍ය විජිත හේරත් මහතා ස්තූතිය පළ කළේ ය. ඝ්Sඵ්+ සහනය (සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය) රටේ ආර්ථික දියුණුව සඳහා පමණක් නොව දුප්පත්කම තුරන් කිරීමටත් දායක වන බව ද අමාත්‍යතුමා නියෝජිත කණ්ඩායමට පෙන්වා දුන්නේ ය.

නව රජය බලයට පත්වීමෙන් පසු ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අමාත්‍යතුමා නියෝජිත පිරිස දැනුවත් කළේ ය. රට තුළ වාර්ගික ගැටුම්, ආගමික ගැටුම් වාර්තා නොවන අතර ජාතික සමගිය රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිය වේ. උතුරු සහ නැගෙනහිර පළාත් මෙන් ම වතුකරයේ ජනතාවගේ පිළිගැනීම නව රජයට හිමි වීම සුවිශේෂ ලක්ෂණයක්. 2024 මහමැතිවරණයේ දී උතුරු පළාතේ සියලු දිස්ත්‍රික්ක ජයග්‍රහණය කිරීම රජය ලබා ඇති ජනතා විශ්වාසය පිළිබිඹු කරයි.

නව රජය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ද ගෙන ඇතැයි අමාත්‍යතුමා පෙන්වා දුන්නේ ය. 2024 මහමැතිවරණ සඳහා රාජ්‍ය සම්පත් භාවිත නොකිරීම, පසු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවීම සුවිශේෂ අවස්ථා වේ. ස්වාධීන කොමිෂන් සභාවන්හි ක්‍රියාකාරීත්වයට මැදිහත් නොවී ස්වාධීනව ක්‍රියාත්මක වීමට ඉඩ සලසා තිබීමත් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා නිසි කාල සීමාවන් තුළ මැතිවරණ පැවැත්වීමටත් රජය ක්‍රියා මාර්ග ගෙන ඇත. ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා කමිටුවක් පත්කොට ඇති අතර එම කමිටුව මාස තුනක කාලයක් තුළ වාර්තාවක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ආර්ථික ප්‍රගතිය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අමාත්‍යතුමා පසුගිය කාල සීමාව තුළ රජයේ වැඩි අවධානය ආර්ථිකය නැවත නගා සිටුවීම කෙරෙහි යොමු කර තිබූ බවත් පාර්ලිමේන්තුව තුළ අයවැය සාර්ථකව සම්මත කරගැනීම සුවිශේෂ කඩඉමක් බවත් නියෝජිත පිරිසට පෙන්වා දුන්නේ ය. එමෙන් ම විවිධ රාජ්‍යන් සමඟ ද්විපාර්ශික ගිවිසුම්වලට එළඹීමට හැකි වීමත් නව රජය ලබාගත් සුවිශේෂ ජයග්‍රහණ වේ.

රජයේ ප්‍රධාන වැඩපිළිවෙලක් වන වංචාව සහ දූෂණය තුරන් කිරීමට අදාළව පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනව බව ද අමාත්‍යතුමා අවධාරණය කළේ ය. ඊට අදාළ අණපනත් කිහිපයක් සම්මත කර ඇත. පසුගිය කාලවකවානුවල රාජ්‍ය දේපල අවභාවිත කිරීම්වලට සම්බන්ධ පිරිසට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ කිසිවක් දේශපාලන පලිගැනීම් නොවන්නේය. මීට අමතරව පාතාලය වැලැක්වීමට සහ මත්ද්‍රව්‍ය ජාවාර්ම්කරුවන්ට එරෙහිව ද නීතිය තදීන් ක්‍රියාත්මක කර ඇතැයි අමාත්‍යතුමා පැහැදිලි කළේ ය.

යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම නව රජයට සුබපැතූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහනට අනුගතව රජය ක්‍රියාත්මක වීම පිළිබඳව ප්‍රසාදය පළ කළේ ය. එමෙන් ම නව රජය අනුගමනය කරන යහපලන පිළිවෙත් ද නියෝජිත කණ්ඩායමේ පැසසුමට ලක් විය. ස්වාධීන කොමිෂන් සභාවන් ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවස්ථාව සලසා තිබීම සහ ඒ පිළිබඳව ප්‍රිතිපත්ති ක්‍රියාවට නැවීම ද නියෝජිත කණ්ඩායමේ ඇගයීමට ලක් විය. ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් කාලරාමුවක් සහිතව ක්‍රියාත්මක වීම ද පැසසුමට ලක් කළ නියෝජිත පිරිස ඒ සඳහා තාක්ෂණික සහාය අවශ්‍ය වන්නේ නම් එය ලබා දීමටත් සූදානමින් පසුවන බව ප්‍රකාශ කළේ ය.

ඝ්Sඵ්+ සහනය ලබා දීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ වැදගත් සන්ධිස්ථානයක පිහිටීමේ සාධකයත් සලකා බැලෙන බවත් මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාව පිළිබඳව සකස් කරනු ලබන වාර්තාව වැදගත් වනු ඇති බවත් මෙහිදී අවාධාරණය කරනු ලැබිණි. මීට අමතරව 2028 ජනවාරි වන විට කම්කරු ගැටලු සහ කම්කරු නීතිවලට අදාළ නව කොන්දේසි මාලාවක් සකස් වීමට නියමිත බැවින් එයට සූදානම් වන ලෙසත් එතෙක් ඝ්Sඵ්+ සහනය ක්‍රියාත්මක වනු ඇති බවත් නියෝජිත පිරිස අමාත්‍යතුමා දැනුවත් කළේ ය.

මෙම සාකච්ඡාවට යුරෝපා සංගමය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ තානාපති කාමන් මොරෙනෝ (Cඅර්මෙන් Mඔරෙනෝ, වෙළෙඳ හා ආර්ථික ආරක්ෂාව පිළිබඳ ජනරාල්, ප්‍රතිපත්ති නිලධාරී ගයිඩෝ ඩොලාරා ( ඝුඉඩො ඪොලරා, යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයෙහි ශ්‍රී ලංකා නිලධාරී ගලිජා අගිෂේවා (ඝලිජ ඇගිශෙවා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නියෝජනය කරමින් අමාත්‍යංශ ලේකම් අරුණි රණරාජ මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් ද එක්වූහ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Politics

සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඔක්තෝබර් 5 වනදා..

Published

on

By

සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඔක්තෝබර් 5 වනදා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිරියාවේ නායකයෙකු ලෙස වසර 25කට ආසන්න කාලයක් කටයුතු කළ බෂාර් අල්-අසාද් බලයෙන් පහ කිරීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙය වේ.

නියම අනුව පාර්ලිමේන්තුවේ 210 සභික ධුරයන්ගෙන් 140ක් ඡන්දයෙන් තේරී පත් වන අතර ඉතිරි 70ක් ජනාධිපතිවරයා විසින් සෘජුවම පත් කරනු ඇත.

අසාද් පසුගිය දෙසැම්බර් මාසයේදී රුසියාවට පලා ගිය අතර, 1963 සිට බලයේ පැවති බාත් පක්ෂ පාලනය ද එමඟින් අවසන් විය.

Continue Reading

Uncategorized

2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කෙරේ…

Published

on

By

දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2025 වර්ෂයේ පැවැත්වෙන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද (15) ආරම්භ වූ අතර එය සැප්තැම්බර් 17 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකෙරේ.

විභාගයට ලියාපදිංචි වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවිය භාවිතා කළ හැක.

අයදුම් කළ හැක්කේ 1985.09.15 සිට 2007.09.14 අතර උපන්, වයස අවුරුදු 18-39ක් අතර පුද්ගලයින්ටයි. නඩු නිමිත්තක වරදකරුවන්, දකුණු කොරියාව මඟින් පිටුවහල් කරනු ලැබූ අය, වර්ණ අන්ධතාවය, කොඳු ඇට ආබාධ, ඇඟිලි අඩුකිරීම් සහිත අය, හෝ E-9 සහ E-10 වීසා යටතේ 5 වසරට වැඩි කාලයක් සේවය කළ අය මෙයට අයදුම් කළ නොහැක.

අයදුම් කිරීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ස්කෑන් පිටපතක්, 3.5 × 4.5 සෙ.මී. ප්‍රමාණයේ සුදු පසුබිම සහිත නව ඡායාරූපයක්, සහ රු. 8,428.40ක් වූ විභාග ගාස්තුව ගෙවූ බැංකු රිසිට්පතක් ඉදිරිපත් කළ යුතුය.

වැඩි විස්තර හා බැංකු ගිණුම් අංක ලබාගත හැක්කේ www.slbfe.lk වෙබ් අඩවියෙන්ය.

Continue Reading

Uncategorized

ජනාධිපති අරමුදල 100%ක්ජ නතාව වෙනුවෙන් – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය…

Published

on

By

ජනාධිපති අරමුදල වත්මන් රජය යටතේ සම්පූර්ණයෙන්ම (100%) ජනතාව වෙනුවෙන් භාවිත වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සදහන් කළාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ 2023 (2024) සහ 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාග ප්‍රතිඵල මත දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු දරු දැරියන් ඇගයීමේ වැඩසටහනට සහභාගී වෙමින්, සැප්තැම්බර් 14 දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීය.

අගමැතිතුමිය සදහන් කළේ, ජනාධිපති අරමුදල අතීතයේදී වරප්‍රසාද ලැබූ පිරිස විසින් අවභාවිත කළත්, අද එය සම්පූර්ණයෙන්ම අරමුදලේ නියමිත අරමුණ සඳහා යොදා ගනී බවය.

ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ රජය මානව සම්පත දියුණු කිරීමේ වැදගත්කම හඳුනා ගෙන අධ්‍යාපනයට විශේෂ ආයෝජන කරන බවත්, වෙනස් වන ලෝකය සරලව සහ විවෘතව සිතන, නායකත්වය දැක්විය හැකි පුරවැසියන් බිහිකිරීම තම අරමුණ බවත්ය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකොන්, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ඇතුළු ජනප්‍රිය නියෝජිතයන් සහ රජයේ නියෝජිතයින් සහභාගී වූහ.

අගමැතිතුමිය විසින් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු දරු දැරියන්ට සහතික ප්‍රදානයද සිදු කරන ලදී.

Continue Reading

ප්‍රවණතාවන්