70 views 0 secs 0 comments

ලෝක බැංකු සභාපති හෙට දිවයිනට…

In Local News
May 06, 2025

ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා හෙට (07) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වෙයි.

වසර 20කට පසු ලෝක බැංකු සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණීම මෙය වන අතර, එය විශේෂත්වයකි.

මෙවර සංචාරය සඳහා ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහතා, සහ රජයේ හා පුද්ගලික අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හමුවීමට නියමිතය.

මෙම හමුවීම්වලදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ වැදගත් සාකච්ඡා පැවැත්වෙනු ඇති බවද බලාපොරොත්තු වෙයි.