77 views 0 secs 0 comments

විපක්ෂයේ පක්ෂ ලේකම්වරුන් හා සජිත් ප්‍රේමදාස මහතා අතර හෙට විශේෂ හමුවක්….

In Local News
May 16, 2025

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (17) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරුන් එකඟ වී ඇත.

කොළඹ පිහිටි පෞද්ගලික හෝටලයකදී ඊයේ (15) රාත්‍රියේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර, එහිදී පක්ෂ ලේකම්වරුන්ගේ එකඟතාවයත් ලැබී තිබේ.

පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේදී කිසිදු පක්ෂයක් සභාපති තනතුර සඳහා අවශ්‍ය 50% බහුතරය ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන්, පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විශේෂ දේශපාලන හමුවක් පැවැත්වීමේ අවශ්‍යතාවය මතුව තිබුණි.

එම අවශ්‍යතාවය මත පසුගිය සමයේදී ආරම්භ කර ඇති සාකච්ඡා මාලාවේ එක් අදියරක් ලෙසයි ඊයේ රාත්‍රියේ සාකච්ඡාව පවත්වනු ලැබූයේ.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවට සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගි වී නොමැති බවද වාර්තා වේ.