
කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ලේ බිම් මහලේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව වාර්තා වේ.
එම ස්ථානය ආරක්ෂක නිලධාරීන් තාවකාලිකව රැඳී සිටින තැනක් බවද
ගිනිගත් ස්ථානයේ අබලි ද්‍රව්‍ය තැන්පත් කර තිබූ බවද වාර්තා වේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය රථ 09ක් කැඳවා තිබුණි.
මේ වනවිට අදාළ ස්ථානයට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් හා උසාවි ආරක්ෂක නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබේ.