Connect with us

Local News

පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය සියළුම රෙදි චීනයෙන් පරිත්‍යාගයක් ලෙස – චීන තානාපතිවරයා සඳහන් කරයි

Published

on

ශ්‍රී ලංකාවට අවශ්‍ය සැම අවස්ථාවකදීම චීනය විශ්වාසවන්ත සහෝදරයකු හා සහයකයකු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ, අද (16) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති විශේෂ උත්සවයක් අමතමිනි.

මෙම අවස්ථාවේදී 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් සදහා අවශ්‍ය රුපියල් මිලියන 5,171ක වටිනාකමින් යුතු රෙදි මුළු ප්‍රමාණයම චීන රජය විසින් පරිත්‍යාග කළ බව නිල වශයෙන් දැනුම්දෙන ලදී.

මෙම උත්සවයට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ද සහභාගීව සිටියි.

Local News

හිටපු යුද හමුදාධිපති හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාධිපතිවරයෙකු වන ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා 91 වන වියේදී අභාවප්‍රාප්ත වී ඇත.

1954දී කෙඩෙට් නිලධාරියෙකු ලෙස ලංකා හමුදාවට එක්වූ ඔහු, බ්‍රිතාන්‍යයේ Sandhurst හි රාජකීය හමුදා විශ්වවිද්‍යාලයේදී පුහුණුව ලැබීය.

1988දී මෙරට 11 වන යුද හමුදාධිපතිවරයා ලෙස පත්වූ ඔහු, 1995දී විශ්‍රාම ගත් පසුව ආරක්ෂක ලේකම් වැනි තනතුරුද දැරීය.

ගම්පහ මල්වාන ප්‍රදේශයේ උපන් වනසිංහ මහතා, ආනන්ද විද්‍යාලයේදී අධ්‍යාපනය ලැබූ අතර, දක්‍ෂ ක්‍රීඩකයෙකු සහ හමුදා රයිෆල් තරගවල කුසලාන දිනාගත් පුද්ගලයෙකු ලෙසද ප්‍රකටය.

Continue Reading

Local News

අනතුරට ලක්වූ නෞකාවකින් ආන්තරායකර ද්‍රව්‍ය ශ්‍රී ලංකා වෙරළට

Published

on

By

කේරළ මුහුදු තීරයේදී අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාවේ අන්තරායකර බහාලුම් 13ක් තිබූ බව පරිසර අමාත්‍යාංශය අනාවරණය කරයි.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අර්.එච්.එම්.බී. අබේකොන් මහත්මිය පැවසුවේ, එම නෞකාවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය මේ වනවිට ශ්‍රී ලංකා වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් තවත් ද්‍රව්‍යයන් මෙරට වෙරළට ගොඩගැසීමේ අවදානමක් පවතින බවද ඇය සඳහන් කළාය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා සඳහන් කළේ, වෙරළට ගොඩගසන ද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු අද (13) සිට ආරම්භ කරන බවයි.

Continue Reading

Local News

“වනස්පති” යටතේ රජයේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ….

Published

on

By

“වනස්පති” වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ

පරිසර අමාත්‍යංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් අද (15) දින උදෑසන ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන්, ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මැතිතුමාගේ, සහ විශේෂ ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් ගම්පහ, බජ්ජංගොඩ රක්ෂිත වනාන්තරයේ එළිමහන් රංග පීඨයේ දී “වනස්පති” ජාතික වැඩසටහන පැවැත්විණ.

ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ “වනස්පති” – ශ්‍රී ලංකාවේ වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක විය.

නව රජයේ පරිසර ප්‍රතිපත්තියේ කරුණු ඉටු කරමින් ද පරිසර අමාත්‍යංශයේ අරමුණු සහ පැරිස් සම්මුතියට දක්වන එකඟතාවක් ලෙස ද ජල මූලාශ්‍ර, සතුන් සහ ශාක ආරක්ෂා කරන වනාන්තර, රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන වනස්පති නමින් අද දින (15) ආරම්භ වේ. පැරිස් සම්මුතියට ශ්‍රී ලංකාව දක්වන එකඟතාවක් ලෙස 2030 වසර වන විට ලංකාවේ වන ආවරණය 32 % දක්වා වර්ධනය කිරීමේ අවශ්‍යතාව පවතී.

ඒ අනුව,නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ සියලු වන සතුන්ගේ ආහාර සහ ජල අවශ්‍යතා සැපරීමට අදාළ පාරිසරික පද්ධති සුපෝෂණය කිරීම සඳහාත්, ස්වභාවික වනාන්තර ආවරණය පරිසර සේවා පවත්වාගෙන යාමට හැකි වන පරිදි කළමනාකරණය කිරීමේ හා සංරක්ෂණය කිරීමේ ඉදිරි පියවරක් ලෙසද ජගත් පරිසර දින ආරම්භ වූ පාරිසරික සංරක්ෂණ ක්‍රියාවලියේ දිගුවක් ලෙස ද වනස්පති ජාතික වැඩසටහන දීර්ඝ කාලීනව ක්‍රියාවට නැංවීමට අපේක්ෂිතය.

ඒ අනුව මොණරාගල, අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් රජයේ වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් වනු ඇත. මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල අඩවියේ ආගරේ, බන්ඩාරවාඩිය, කුඩාගොඩකන්ද, මිල්ලකැලේ, වන්තිබ්බාගොඩ, වෙහෙරගලකන්ද රජයේ වනාන්තරත් – සියඹලාණ්ඩුව අඩවියේ අඹත්තාහෙල රජයේ වනාන්තරයත්, වැල්ලවාය අඩවියේ කන්දෙයාය, පොරමැඩිල්ල, වැලිආර රජයේ වනාන්තරත් අද (15) දින සිට නව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරුණි.

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව අඩවියේ පාලකුඩා කඩොලාන වනාන්තරය, අම්පාර අඩවියේ කරංගාව රජයේ වනාන්තරය, මහඔය අඩවියේ බදුලුගොඩ රජයේ වනාන්තරය සහ ලාහුගල අඩවියේ පානම උතුර රජයේ වනාන්තර ද අද (15) දින සිට රක්ෂිත ලෙස ගැසට් කළ අතර මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර අඩවියේ රිලාගල සහ රජගල රජයේ වනාන්තර ද රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරිණ. ඒ අනුව මෙම සියලු රජයේ වනාන්තරවල හෙක්ටයාර 5711.75 ක වපසරියක භූමි ප්‍රමාණයක් රක්ෂිත බවට අද දින සිට ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා, වන සංරක්ෂක ජනරාල් සී.එස්. පාලමකුඹුර මහතා, අමාත්‍යංශයේ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්, ගම්පහ දිස්ත්‍රික් ලේකම්තුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මීරිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමා, සංගීතවේදී සංගීත් විජේසූරිය සහ සාගර විජේසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Continue Reading

ප්‍රවණතාවන්