
අද (12) පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සඳහා ගෑස් බෙදා හැරීමට කටයුතු කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා.
එමෙන්ම වාණිජ කටයුතු සඳහා ගෑස් බෙදා හැරීම අඛණ්ඩව සිදුකරන බව ද එම සමාගම සඳහන් කළා. කෙසේ නමුත් දිවයිනේ විවිධ ප්‍රදේශවල අද දිනයේ දිගු ගෑස් පොලිම් පැවති බව වාර්තා වෙනවා.