735 views 0 secs 0 comments

ප්‍රතිදේහජනක පරීක්ෂාව තවදුරටත්…

In Local News
December 28, 2020

බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් අහඹු ලෙස කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂා වලදී දී ඊයේ (27) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගත් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම පරීක්ෂණවලදී මේ දක්වා ආසාදිතයින් 54 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් 280 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති බවය.