
ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වී සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලි හට කොවිඩ් -19 වැළඳී ඇති බව වාර්තා වේ.
එංගලන්ත කණ්ඩායම මත්තල ගුවන්තොටුපළින් ඊයේ මෙරටට පැමිණි අතර එහිදී ඔවුන්ව ඵ්Cර් පරීක්ෂණ සඳහා යොමු කිරීමත් සමඟ ඔහු ආසාදිත බව තහවුරු වී තිබේ.
ඒ අනුව, මොයීන් අලි දින 10ක් නිරෝධායනය සඳහා ගාල්ලට යැවීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරඟය ජනවාරි 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අරම්භවීමට නියමිත අතර එම තරඟයට මොයීන්ට එක්වීම අපහසු ය.
මොයීන් ගේ ආශ්‍රිතයෙක් ලෙස සලකා වේග පන්දු යවන ක්‍රිස් වෝක්ස් ට ද ස්වයං නිරෝධායනය වන ලෙස දන්වා තිබේ.
එංගලන්ත කණ්ඩායම හෙට දින පුහුණුවීම ඇරඹීමට නියමිතව තිබුණ ද පවතින තත්ත්වය හේතුවෙන් පුහුණුවීම් බදාදා සිට ඇරඹීමට තීරණය කර තිබේ.