
පසුගිය පැය 24ක කාලය මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 34 දෙනෙකු තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඒ අනුව, ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළමෙලෙස නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 2415 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් පුද්ගලයින් 2250 දෙනෙකුට එරෙහිව මේ වන විට නඩු පවරා ඇති බව වාර්තා වේ.