711 views 0 secs 0 comments

පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරුන් 150 දෙනෙකු බඳවා ගැනීමට තීරණයක්..

In Local News
January 11, 2021

මහජනතාවට නීතිය සමීප කරවීම හා පොලීසිය මගින් ලබාදෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කිරීම අරමුණු කරගෙන අධිකරණ අමාත්‍යාංශය, නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බඳවා ගැනීමට තීරණය කළ බව ප්‍රකාශ කරයි.අධිකරණ අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන ඇත.
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුව ඔවුන් සේවයට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර ඔවුන් සතුව පවතින දක්ෂතාවය අනුව උසස්වීම් ලබාදීමට නියමිත බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කරයි.
එලෙස බඳවා ගන්නා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට තාක්ෂණය පිළිබදව දැනුම පැවතීම අවශ්‍ය වන අතර දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකම් ලෙස සැලකේ. අදාළ පුහුණුවීම් නිමවීමෙන් අනතුරුව ඔවුන්ව සේවා අවශ්‍යතාවයන් අනුව අනුයුක්ත කිරීමට නියමිතව තිබේ.