
කොවිඩ්-19 හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැකගැනීම උදෙසා දෙවසරක කාලයකට සහන ලබාදෙන්නැයි සිනමා කර්මාන්තයේ නියැලෙන්නන් කළ ඉල්ලීමට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගත් තීන්දුවක් අනුව සිනමා කර්මාන්තය වසර දෙකක කාලයක් සඳහා විනෝද බද්දෙන් නිදහස් කිරීමට අද (11) දින අදාළ අමාත්‍යාංශවලට අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව 2021-2022 දෙවසරක කාලයට සිනමා කර්මාන්තය මුළු දිවයිනටම බලපාන පරිදි විනෝද බද්දෙන් නිදහස් වේ.
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා හා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරුන් එක්ව අද දිනයේ මේ සඳහා අනුමැතිය ලබා දී ඇත.
මේ දක්වා සියයට 5 සිට සියයට 25 දක්වා විවිධ ප්‍රතිශත යටතේ රට පුරා පළාත් පාලන ආයතන විසින් විනෝද බද්ද අය කරනු ලැබූ අතර 2023 වසරේ සිට සිනමා කර්මාන්තයට අදාළ විනෝද බද්ද සියයට 7.5ක් දක්වා අඩු කිරීමට ද එහිදී අනුමැතිය දී තිබේ. එම නව අනුමැතිය සමඟ මුළු රටටම එක් විනෝද බද්දක් හඳුන්වාදීම ද සිදුවේ.