652 views 0 secs 0 comments

තවත් කොවිඩ් මරණ 5ක්.. සමස්තය 375ක්..

In Local News
February 11, 2021

ඊයේ (10) තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක්, වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවක්, අලුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස කොවිඩ් හේතුවෙන් මියගිය අතර මේ වන විට මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 375ක් දක්වා වර්ධනය වී ඇත.