 
  ඇතැම් කොවිඩ් රෝග ලක්ෂණ, ඩෙංගු රෝග ලක්ෂණ හා සමානත්වයක් පෙන්නුම් කරන බවත්, ඒ හේතුවෙන් යම් රෝගී තත්ත්වයක් ඇති වුවහොත් නිවසේ සිට රෝග විනිශ්චය සිදුනොකර වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවට දැනුම් දී තිබේ.
උණ සහ ඇඟපත වේදනාව ඩෙංගු සහ කොවිඩ් යන රෝගී තත්ත්වයන් දෙකෙහි ම දැකගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පවසා සිටියා.

 
  
           
           
          