
අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර අද (14) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මීට අමතරව අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂී මහේන්ද්‍ර අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇති බව සඳහන්.