ශ්‍රී ලංකාවට ඇතුළුවීම රටවල් 8කට තහනම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
ඒ අනුව දින 14ක් තුල ඇන්ගෝලා, බොට්ස්වානා, ලෙසෝතෝ, මොසැම්බික්, නැමීබියා, ස්වාසිලන්තය, සැම්බියාව, සිම්බාබ්වේ යන රටවල සංචාරය කර ඇති මගීන්ට ජුලි 1 සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර හිමි වන්නේ නැහැ.