204 views 0 secs 0 comments

ජ.වි.පෙන් රෝහල්වලට පරිත්‍යාගයක්…

In Local News
September 09, 2021

ජනතා විමුක්ති පෙරමුණ විසින් කොවිඩ් ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණයක් ලබා දීමට තීරණය කර තිබේ.

එම උපකරණ ඉදිරි දිනවලදී කොළඹ ජාතික රෝහල, IDH රෝහල, කරාපිටිය රෝහල, බදුල්ල මහ රෝහල, කුරුණෑගල මහ රෝහල, නාගොඩ මහ රෝහල ඇතුළ රෝහල් වෙත ලබා දීමට නියමිත බව මේ පිළිබඳව අදහස් දක්වමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. මෙම අවස්ථාවට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සහ ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අයද සහභාගී විය.