
2021.11.01 වන දින කැප්පෙටිපොළ පොලිස් වසමේ අබේවෙළ – රේන්දපොළ මාර්ගයේ රේන්දපොළ හංදිය අසළ දී වැටලීමක් සිදුකර ඇත. එහිදී අබාන්ස් ආයතනය මගින් ATM යන්ත්‍ර වලට මුදල් තැන්පත් කිරීම සදහා වෑන් රථයකින් මුදල් රැගෙන යමින් සිටියදී, නිලධාරීන් වෑන් රථයෙන් බැස මුදල් යන්ත්‍ර තුලට දැමීමට ගිය අවස්ථාවේ දී රියදුරු විසින් වෑන් රථය සහ රුපියල් හය කෝටි හැත්තෑ හතර ලක්ෂ දහ නවදහස් හත්සීයයක මුදලක් සමග පැහැරගෙන යන අවස්ථාවේ රේන්දපොළ හංදිය අසළ දී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා. කැප්පෙටිපොළ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. රියදුරු කපල්ල, දියතලාව ප්‍රදේශයේ පදිංචි වයස 42 පමණ වේ.