200 views 0 secs 0 comments

අද ප්‍රදේශය කිහිපයක ජල සැපයුම අත්හිටුවයි.

In Health
November 13, 2021

අද (12) රාත්‍රී 8.00 සිට පැය 28 ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන නළයේ හදිසි ජල කාන්දුවක් පිළිසකර කිරීම හේතුවෙන් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පැවසී ය.
මණ්ඩලය පැවසුවේ අද රාත්‍රී 8.00 සිට හෙට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කොළඹ 04, 05, 06, 07 සහ 08 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.
ඊට අමතරව ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට සහ මහරගම, බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශවලට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි.