195 views 0 secs 0 comments

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව වාණිජ නිලධාරියෙක්..

In Local News
November 14, 2021

ගුවන් සේවා ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි පළපුරුද්දක් ඇති විශේෂඥයෙකු හා බොහෝ ප්‍රමුඛ ගුවන් සේවා සහ ආයතන කිහිපයකම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ තනතුරු හෙබවූ රිචඩ් නට්ල් මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය නව ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස පත්කර තිබේ.

ගුවන් සේවා කළමනාකරණය, වර්ධනය, උපාය මාර්ග සංවර්ධනය, ඩිජිටල් උපාය මාර්ග, උපදේශනය, ගෝලීය නායකත්වය, ආදායම් කළමනාකරණය, ජාල සැලසුම්කරණය, ගුවන් සේවා බෙදාහැරීම සහ විකුණුම් යන ක්ෂේත්‍ර කිහිපයකම ඔහුගේ ප්‍රවීණත්වය සහ පළපුරුද්ද විහිදී පවතින බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවය හා එක්වන්නේ ජාතික ගුවන් සේවය ඵලදායී සහ තිරසාර ව්‍යාපාරික ගමනක් යන අවස්ථාවක බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.