
ලිට්‍රෝ ගෑස් සමාගම පවසා සිටියේ ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 8 කට අධික ප්‍රමාණයක් මෙම සතිය තුළ වෙළඳපොලට නිකුත් කරන බවයි. පසුගිය සතියේත් ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 7 ක ප්‍රමාණයක් වෙළඳපොලට නිකුත් කළ බවද ලිට්‍රෝ ගෑස් සමාගමේ අලෙවි හා වෙළඳ අධ්‍යක්ෂ ජනක පතිරත්න සඳහන් කළේය. තවත් දින 6 ක් තුළ මෙම ගැටලුව විසදෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.