280 views 0 secs 0 comments

දිවා ආහාර පැකට්ටුවක සහ ප්ලේන් ටී කෝප්පයක මිල ඉහළට

In Local News
November 22, 2021

එළවළු සහ ඒ ආශ්‍රිත අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමත් සමඟ හෙට (23) සිට ක්‍රියාත්මක වන පරිදි දිවා ආහාර පැකට්ටුවක සහ ප්ලේන් ටී කෝප්පයක මිල ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ (AICOA) ප්‍රධානී අසේල සම්පත් මහතා පවසයි.

ඔහු කියා සිටියේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් ආපනශාලා හිමියන්, හෝටල් කර්මාන්තය සහ පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව එළවලු බත්වල සිට ෆ්‍රයිඩ් රයිස් දක්වා මිල රුපියල් 20කින් ඉහළ යනු ඇති. ප්ලේන් ටී කෝප්පයක මිල රුපියල් 5කින් ඉහළ යනු ඇත.