
ස්වීඩනයේ පළමු අග්‍රාමාත්‍යවරිය පත් වූ මැග්ඩලීනා ඇන්ඩර්සන්, පත්වීමෙන් පැය 12කටත් අඩු කාලයකින් ඉල්ලා අස්වී තිබේ.
ඒ, සභාග ආණ්ඩුව යටතේ ඉදිරිපත් කළ අය-වැය යෝජනාව පරාජයට පත්වීමත් සමගයි.
අන්ත දක්ෂිණාංශ නියෝජිතයින් සමග පළමු වරට ඉදිරිපත් කළ අය වැය යෝජනාව පිළිගත නොහැකි බව ඇය පිහිටවූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සඳහන් කළේ ය.
කතානායකවරයාට ඉල්ලා අස්වීම භාරදීමෙන් අනතුරුව ඇය සඳහන් කළේ, තනි පක්ෂයකින් ආණ්ඩුවක් පිහිටුවා ඉදිරියේදී යළි බලයට පත්වන බවයි.