167 views 0 secs 0 comments

සිංහල සිනමාවේ “බොක්ස් ඔෆිස් රජු” අභාවප්‍රාප්ත වෙයි…

In Local News
December 10, 2021

සිංහල සිනමාවේ “බොක්ස් ඔෆිස් රජු” යන විරුධාවලියෙන් හඳුන්වන ශ්‍රී ලංකාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ 72 වන වියේ පසු වූ ඔහු විසින් චිත්‍රපට 54කට අධ්‍යක්ෂණයෙන් දායක වී ඇති අතර විටෙක නළුවෙකු, නිෂ්පාදකයෙකු හා තිර කතා රචකයෙක් ලෙස ද කටයුතු කර තිබේ.

ජය පිට ජය, දිවුරා කියන්නම්, ජය අපටයි, මමයි රජා, රජ වැඩකාරයෝ, යුක්තියට වැඩ, දිනුම, ඔබටයි ප්‍රියේ ආදරේ යන චිත්‍රපටි ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇති චිත්‍රපට අතරින් කිහිපයකි.