
අද පස්වරුවේ අයවැය 3 වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනවා. ඡන්ද විමසීම සවස 5.00 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂ අද දිනයේ විවාදයට ගැනීමට නියමිතයි.