196 views 0 secs 0 comments

ඉන්ධන අර්බුදයක් අත ළඟද…?

In Local News
January 10, 2022

ඉදිරි කාලයට අවශ්‍යය ඉන්ධන තොග ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසීයක පමණ හිඟයක් ඇති අතර මේ පිළිබඳව අදස් දක්වන බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පවසා සිටින්නේ එම හිඟ මුදල් වහා ලබා දෙන ලෙස අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කරන බවයි.
ජනවාරි මාසයේ මෙරට පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන සඳහා ඩොලර් මිලියන 350ක් අවශ්‍ය බවත් දැනට තෙල් සංස්ථාව සතුව ඇත්තේ ඩොලර් මිලියන 150 ක් පමණ බවත් එතුමා අනාවරණය කළා.

ඉදිරි දින 10ක කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන තෙල් සංස්ථාව සතුව තිබෙන බව පවසන අමාත්‍යවරයා අදාළ මුදල කැබිනට් මණ්ඩලයෙන් ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.