166 views 1 sec 0 comments

අද IMF සමඟ තවත් සාකච්ඡාවක්…

In Local News
May 09, 2022

අද (09) IMF සහ මෙරට නියොජිතයින් අතර තවත් සාකච්ජාවක් ආරම්භ වේ.
සාකච්ජා ලබන 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

online ඔස්සේ පැවැත්වෙන එම සාකච්ජා සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්‍රි මහතා මෙන්ම මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කණ්ඩායමක් සහභාගි වේ.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, හදිසි මූල්‍ය පහසුකමක් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සිදු කල ඉල්ලිම පිලිබඳව මෙහිදි වැඩි අවධානයක් යොමු කිරිමට අපේක්ෂා කරන බවයි.

අලි සබ්‍රි මහතා ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස අමෙරිකාවේ වොෂිංටන් නුවර කළ සංචාරයේදී හදිසි මූල්‍ය පහසුකමක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලීමක් සිදු කර තිබුණි.

මේ අතර මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, මෙරට ආර්ථික තත්ත්වය සම්බන්යෙන් සාකච්ජා කිරීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ මෙරටට පැමිණිමට නියමිතව ඇති බවයි.