
ලිට්‍රෝ සමාගමෙහි සභාපති විජිත හේරත් මහතා, ලබන සිකුරාදා (13) තෙක් වෙළඳපොළට ගෑස් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බැවින් ගෑස් පෝලිම් වෙත පැමිණීමෙන් වළකින්න ලෙස ම ජනතාවට දැනුම් දී සිටී.
එමෙන්ම ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් රැගත් නෞකා දෙකක් ලබන බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා මෙරටට ළඟාවීමට නියමිත බවත්, ඊට අදාළ ඩොලර් මිලියන 7 ක ගෙවීම් කටයුතු අද දිනයේ සිදුකරන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.