
ඩීසල් හිඟය හේතුවෙන් සිකුරාදා (අප්‍රේල් 01) දුර ගමන් බස් රථ ධාවනයට දැඩි බාධා එල්ල විය හැකි බව බස් සංගම් පවසයි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ සාමාන්‍ය බස් රථ ධාවනය ද සීමා කර ඇති බවයි.
මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලුම බස් රථ සිකුරාදා (අප්‍රේල් 01) ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බව එහි සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළේය.
මේ අතර ඉදිරි දින කිහිපය සඳහා දුම්රිය ධාවනයට අවශ්‍ය ඉන්ධන තොග පවතින බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය.මේ අතර, ඩීසල් හිඟය හේතුවෙන් සිකුරාදා (අප්‍රේල් 01) පාසල් සිසුන්ට ගමන් කිරීමට නොහැකි වී ඇති බව සමස්ත ලංකා පාසල් ශිෂ්‍ය ප්‍රවාහන සංගමය පවසයි.