168 views 0 secs 0 comments

පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ වර්ජනය අත්හිටුවයි..

In Local News
May 02, 2022

පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබූ වර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබෙනවා. ඒ ඉන්ධන ප්‍රවාහන ගාස්තු 30% වැඩිකිරීමට බලශක්ති අමාත්‍යවරයා පළ කළ එකඟතාව අනුවයි.

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.