
අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව නාඩු (සුදු සහ රතු) කිලෝ 1ක් රු. 220 ක් ද, සම්බා (සුදු සහ රතු) කිලෝ 1ක් රු. 230ක් ද, කීරි සම්බා (දේශීය) කිලෝ 1ක් රු. 260 ලෙසද උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කලා.