
සහනදායී මිලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබාදී ඇති බවට හුවමාරු වන වාර්තා අසත්‍ය බව අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේ
කිසිදු පාර්ශ්වයක හෝ කිසිවකුට වෙළෙඳපොළ මිලට වඩා සහනාධාර මිලට ඉන්ධන ලබාදීමක් සිදු නොකරන බවයි. එසෙම
විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන මිල ගණන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් දී ඇති බව Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.