179 views 0 secs 0 comments

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

In Local News
July 30, 2022

අද (30) රාත්‍රී 09 සිට පසුදා උදෑසන 08 දක්වා පැය 11ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. මෙම ජල කප්පාදුව සිදුවන්නේ කොළඹ 09, 10, 11 සහ 12 යන ප්‍රදේශයන් සඳහාය.
ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටියේ
ජල හා අපජල කලමණාකරණ පද්ධතියේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.