100 views 0 secs 0 comments

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් නැහැ – ලිට්‍රෝ සමාගම..

In Local News
October 01, 2024

මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කර සිටියා.

ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩි වන පරිසරයකදී වුවද ලිට්‍රෝ ගෑස් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී සිටියා.

මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරයේ සාර්ථකත්වය හේතුවෙන් පාරිභෝගික ජනතාවට සහන සැලසීමට හැකිවූ බවත්, ඒ අනුව ඔක්තෝබර් මාසය සදහා දැනට පවතින මිල ගණන් වලංගු බවත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වැඩිදුරටත් දන්වා සිටී.