155 views 0 secs 0 comments

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වන්නන්ට දැඩි දඬුවම්…

In Local News
April 05, 2022

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විශේෂ ප්‍රකාශයක් කරමින්, උද්ඝෝෂණවලදී ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වන සියලු පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව පෙන්වා දුන්නා.

නිරීක්ෂණ වාර්තා අනුව කණ්ඩායම් දෙකක් විරෝධතා සිදු කර ඇති බවට පෙනී ගොස් ඇති බවත්, ඉන් එක් කණ්ඩායමක් සාමකාමී අයුරින් උද්ඝෝෂණ පවත්වාගෙන යනු ලබන අතර අනෙක් පිරිස හිතාමතාම රජයේ පොදු දේපළවලට හානි සිදු කරන බවද ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙනවා.