අද (17) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් හමුවීමෙන් පසු Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ බොරතෙල් අඛන්ඩව සැපයීමේ කටයුතු ආරම්භයත් සමඟ මෙම සතියේ සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි. මෙහිදී සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ බොරතෙල් ගෙන්වීමේ සැලසුම් පිලිබඳවද සාකච්ඡා කර තිබෙනවා.
