146 views 0 secs 0 comments

නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අය කරන පෞද්ගලික බස්රථ වලට වැඩ වරදී…

In Local News
August 21, 2022

දීපව්‍යාප්තව කළ වැටලීම්වලදී නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අය කළ පෞද්ගලික බස්රථ 100 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

නියමිත ගාස්තුවට වැඩියෙන් අය කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම හා ප්‍රවේශපත් නිකුත් නොකිරීම යන චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේය.

එවැනි සිදුවීම් පිළිබඳ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක අතර මීට සමගාමීව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී මගින්ද වැටලීම් ක්‍රියාත්මක බව ඔහු ප්‍රකාශ කළේ ය.