166 views 0 secs 0 comments

යකඩ විකුණා ඩොලර් අර්බුදය විසඳීමට බන්දුලගෙන් යෝජනා…

In Local News
September 21, 2022

ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැදවා භාවිතයට ගත නොහැකි රේල් පීලි ඇතුළු අබලි ද්‍රව්‍ය ලෙස පවතින යකඩ අලෙවි කරන ලෙසට දුම්රිය බලධාරීන්ට උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු මේ බව්ව ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එලෙස එම යකඩ අලෙවි කිරීමෙන් රටේ පවතින ඩොලර් අර්බුදයට යම් විසදුමක් ලැබෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.