697 views 0 secs 0 comments

දැදුරු ඔයේ පොලිස් නිලධාරියෙක් මරුට

In Local News
November 30, 2020

දැදුරු ඔයේ වැලි ජාවාරම් පිළිබඳ ලද තොරතුරක් මත කොබෙයිගනෙ පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු ඊයේ (28) රාත්‍රී 12ට පමණ එම ස්ථානයට ගොස් තිබේ. එහිදී වැලි පටවා ගත් ටිපර් රථයක් නැවැත්වීමට පොලිසියෙන් අණ කළද එම අණ නොතැකූ ටිපර් රථයේ රියදුරු පොලිස් නිළධාරියෙකුද යට කර දමමින් පලා ගොස් තිබෙනවා. තුවාල ලැබූ පොලිස් නිළධාරියා නිකවැරටිය මූලික රෝහලට ගෙන යන විටත් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්ථා වේ.