144 views 0 secs 0 comments

විදුලි ගාස්තු අඩුවෙන හැටි….

In Local News
March 04, 2024

ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන ගාස්තුව 33.3% කින් එනම්, දැනට අය කරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කර සිටියා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින්, අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම විදුලි බිල සංශෝධනය ක්‍රියාත්මක බව ප්‍රකාශ කර සිටියා.

ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 28කින් පහළ දැමීමට කටයුතු කර ඇති අතර ඒකක 61ත් 90ත අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30කින් පහළ දැමීමට කටයුතු කර තිබේ.

මේ අතර ඒකක 91ත් 180ත් අතර පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 24කින් පහළ දැමීමට කටයුතු කර තිබේ.

ඒකක 180ට වැඩි ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා සියයට 18කින් විදුලි බිල පහත දමා ඇත.

ආගමික ස්ථානවලට සියයට 33ක අඩුකිරීමක් සිදුකර ඇති අතර හෝටල් සහ කර්මාන්ත අංශවල සියයට 18කින් විදුලි බිල අඩුකර ඇත.

පොදු කාර්ය කාණ්ඩයට අයත් විදුලි බිල සියයට 23කින් අඩුකර ඇති අතර රාජ්‍ය අංශය සඳහා සියයට 22කින් විදුලි බිල අඩුකර ඇති අතර වීදි ලාම්පු සඳහා විදුලි බිල සියයට 20කින් අඩුකිරීමට පියවර ගෙන ඇත.