110 views 0 secs 0 comments

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩී.ඩබ්ලිව්. ආර්. බී. සෙනවිරත්න පත් කෙරේ

In Local News
September 23, 2024

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (1) වන අනු ව්‍යවස්ථාවේ බලය ප්‍රකාරව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඩී.ඩබ්ලිව්. ආර්. බී. සෙනවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කොට ඇත.

රවී සෙනවිරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ඒ මහතා විශේෂ කාර්ය බලකායේ ආරම්භක සාමාජිකයෙකු ලෙසද, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක, තායිලන්ත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු පළමු ලේකම් හා ඉන්ටර්පෝල් ශ්‍රී ලංකා ශාඛාවේ හිටපු ප්‍රධානී ලෙසද කටයුතු කර ඇත.