72 views 0 secs 0 comments

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් වැඩ වර්ජනයක….

In Local News
May 28, 2025

දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් අද (28) මධ්‍ය රාත්‍රියේ සිට සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ, මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරනුයේ පුරප්පාඩු පිරවීම, වැටුප් වර්ධක ලබාදීම සහ නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මතය.

මේ අතර, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංඛේත වැඩවර්ජනය අද සවස 4.00 ට ආරම්භ වන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ක්‍රියාමාර්ගය නිසා තැපැල් සේවා සම්බන්ධයෙන් සමහර ප්‍රදේශවලට බලපෑම් ඇතිවිය හැකි බැවින්, මහජනතාවට මෙය සලකා බලමින් කටයුතු කරන ලෙස අවධානය යොමු කෙරේ.