Connect with us

Local News

දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්…

Published

on

දැනට පවතින වර්ෂාදායක කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකව පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය සහ පස්බාගෙ කෝරලේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, ⁠රුවන්වැල්ල, ⁠යටියන්තොට සහ අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර එම නිවේදන හෙට (28) පෙරවරු 10.00 දක්වා බලපැවැත්වේ.

අදාළ කාලසීමාව තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට අමතරව ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100 පමණ තද වැසි වාර්තා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලද ස්වල්ප වර්ෂාදායක තත්ත්වයක් පැවතිය හැකි බවත්, නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඉදිරියේදී තද වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවත්ය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට, උතුරු, උතුරු-මැද පළාත්වලට සහ හම්බන්තොට, පුත්තලම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට පැයට කිලෝමීටර් 40 – 50 ත් අතර තද සුළං හමන බවද සඳහන් කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළං නිසා ඇතිවිය හැකි අනතුරු වලින් හැකි ඉක්මනින් ආරක්ෂාවට පියවර ගන්නා ලෙසත්, ආරක්ෂිත ස්ථානවලට ස්ථානගත වන්නා ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට…..

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) පස්වරුවේ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ගාලුමුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුව සිදුකළ බව සොයාබැලේ.

ඒ මහතා පෙර අත්අඩංගුවට ගැනීම වළක්වා ඇප මත මුදා හැරීමට ඉල්ලා අයදුම්පතක් ගොනු කළද, අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ එය ප්‍රතික්ෂේප කරන ලදී.

Continue Reading

Local News

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අධිකරණයෙන් නොතීසි

Published

on

By

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අද (20) නොතීසි නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසිනි.

අල්ලස් කොමිසම විසින් ගොනු කළ මෝසමක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තියට අනුව මෙම නොතීසි නිකුත් කරන ලදි.

Continue Reading

Local News

රත්නපුර මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේවරයා සංඛ මාපිටිගම

Published

on

By

රත්නපුර මහ සමන් දේවාලයේ අභිනව බස්නායක නිලමේවරයා ලෙස සංඛ මාපිටිගම මහතා අද (20) තේරීපත් වී ඇත.

මෙය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව සිදු විය.

Continue Reading

ප්‍රවණතාවන්