
රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම සඳහා “සෙයිරි සතිය” නමින් විශේෂ වැඩපිළිවෙලක් අද (01) සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. මෙම වැඩපිළිවෙල දිගු දින 4ක් පුරාවට පැවැත්වීමට නියමිතය.
මෙම වැඩපිළිවෙලේ අරමුණ වනුයේ රාජ්‍ය ආයතන තුළ සේවය කරන නිලධාරීන්ට පිරිසිදු, සෞඛ්‍යාරක්ෂිත හා නිදහස් වැඩ පරිසරයක් සපයීමයි.
ඒ සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එය සියලු අමාත්‍යාංශ, පළාත්, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සංස්ථා මෙන්ම ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් වෙත යොමු කර තිබේ.
මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව වන අතර අවශ්‍ය දෑ හා අනවශ්‍ය දෑ හඳුනාගෙන, අවශ්‍ය නොවන දේ ඉවත් කිරීම මෙහි ප්‍රධාන කාර්යය ලෙස සලකනු ලබයි.