20 views 0 secs 0 comments

අධිවේගී මාර්ගයේ සියලු මගීන්ට ආසන පටි අනිවාර්යයි….

In Local News
September 01, 2025

අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලු වාහනවල මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා ප්‍රකාශ කරසිටියා..

ඔහු සඳහන් කළේ මෙම නියමයට පටහැනිව කටයුතු කරන අය සදහා නීතිමය පියවර ගෙන යනු ඇති බවයි.

කෙසේ වෙතත් ආසන පටි සවිකර නොමැති වාහන සඳහා මාස 3ක සහන කාලයක් ලබාදෙන බවද මංජුල කුලරත්න මහතා වැඩිදුරටත් පැවසීය.