2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (04) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
මෙය තරගාවලියේ පස්වැනි තරගය වන අතර, කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ දෙවැනි වරට ක්‍රීඩා කරයි.
පළමු තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දීය කණ්ඩායමට ලකුණු 59කින් පරාජය වූ අතර, ඔස්ට්‍රේලියාව නවසීලන්තය මත ලකුණු 89ක ජයක් ලබා ඇත.
එක්දින ජාත්‍යන්තර තරග 11ක් අතර මෙතෙක් දෙරට අතර පැවති සියලු තරග ජයගත්යේ ඔස්ට්‍රේලියාවයි. ඔවුන් අවස්ථා 7කදී ලෝක කුසලානය දිනා ඇති අතර, අවසන් වරට පැවති කාන්තා ලෝක කුසලානයද ඔස්ට්‍රේලියාව විසින් ජයගත්තේය.
