26 views 0 secs 0 comments

අද සවස තද ගිගුරුම් සහිත වැසි අවධානම්…

In Local News
October 04, 2025

අද (04) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1ට පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද සඳහන් කරයි.

එමෙන්ම තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවටද අවවාද කර ඇත.